රෝහිත් දානමය පිංකමක

අගෝස්තු 13, 2020

චිත්‍රපට අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි බොලිවුඩයේ සිනමා සේවකයින්ට සහාය වීමට සූදානම් වෙමින් සිටී. වික්‍රමාන්විත රියලිටි වැඩසටහනකටද සහභාගි වන ඔහු එහි ඔහුගේ වේතනයෙන් කොටසක් කණිෂ්ඨ කලාකරුවන්, පසුබිම් නර්තන ශිල්පීන්, සටන් ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන් සහ වෙනත් සුළු සේවකයන් වෙනුවෙන් පිරිනැමීමට තීරණය කර තිබේ.  ඔහු ඒ වෙනුවෙන් ඔවුන්ගේ ගිණුම්වලට මුදල් යැවීමට කටයුතු යොදා ඇත.

රියලිටි වැඩසටහනේ රූගත කිරීම් පසුගිය ඉරිදා සිට නැවත ආරම්භ වූ අතර

මෙම වාරය මුළුමනින්ම මුම්බායි හි රූගත කිරීමට නියමිතව ඇත. ඔහු අධ්‍යක්ෂණය කළ සූර්යවංශී චිත්‍රපටය මාර්තු මාසයේදී තිරගත කිරීමට නියමිත වුවද කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් එය කල් දැමුණු අතර ලබන නොවැම්බර් මාසයේදි තිරගත කිරීමට නියමිතව ඇත. මෙම වසර මුලදී කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඉන්දියාව වසා දැමීමේදී නිවෙස් කරා ගිය ඡායාරූප ශිල්පීන්ට උපකාර කිරීමටද ෂෙට්ටි දායක විය.