චෙස් නළුවා

අගෝස්තු 13, 2020

කොරෝනා වෛරස් වසංගතය පැතිර යෑම සමඟින් බොලිවුඩයේ නළු නිළියන් අතරින් ඇතැමෙක් සිතුවම් කරනු දකින්න ලැබුණු අතර තවත් අයෙක් වගා කටයුතුවල යෙදෙනු දක්නට ලැබුණා. නිළියන් නම් බොහෝ දෙනෙක් විවිධ කෑම වර්ග අත්හදා බලා ඡායාරූප අන්තර්ජාලයට එක් කළා. බොලිවුඩ් නළු රාජ්කුම්මාර් රාඕ ද සිය නිරෝධායන දින කෙබඳු වේද යන්න පිළිබඳව නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා යාවත්කාලීන කරමින් සිටි තවත් නළුවෙක්. මේ අතර පසුගිය දිනෙක ඔහු සිය ට්විටර් ගිණුමට එක් කර තිබුණේ පෙම්වතිය පත්‍රලේඛා සමඟ චෙස් ක්‍රීඩා කරන ඡායාරූපයක්. 

පත්‍රලේඛා 2014 වසරේ දී බොලිවුඩයට පිවිසයේ රාජ්කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කළ සිටිලයිට්ස් චිත්‍රපටයෙන්. මේ වන විට රාජ්කුමාර් රාඕ බොලිවුඩයේ කතාබහට ලක් වූ රංගන ශිල්පියෙක් බවට පත් වී අවසන්.   නිව්ටන් (2017),  ස්ත්‍රී (2018),  ජජ්මෙන්ටල් හායෙ ක්‍යා (2019) චිත්‍රපටවල රංගනය ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට එක් වුණා. අවසන් වරට ඔහුගේ රංගනයක් දකින්න ලැබුණේ පසුගිය වසරේ තිරගත කෙරුණු මේඩි ඉන් චයිනා චිත්‍රපටයෙන්.