ශ්‍රී ලාංකේය ගේය පද රචකයන්ගේ අභිනව සංගමය ඇරඹේ

අගෝස්තු 13, 2020

ශ්‍රී ලාංකේය ගේය පද රචක - රචිකාවියන් වෙනුවෙන්ම කැපවු එකමුතුවක හිඩැස පුරවාලමින් පෙර පරපුර සහ පසු පරපුර එක්ව ශ්‍රී ලාංකේය ගේය පද රචකයින්ගේ සංගමය නමින් අභිනව සංවිධානයක් පසුගිය 31 වැනි දින කොළඹ නව නගර ශාලාවේදී පිහිටුවා ගන්නා ලදී.

සංගීතවේදී කීර්ති පැස්කුවල්ගේ අදහසක් හා මැදිහත්වීම මත මෙය සංවිධානය විය. පෙර පරපුරේ විමලදාස පෙරේරා, ඩී. සී. ජයසිංහ, ඩී. බී. ටී. එදිරිසිංහ, හෙක්ටර් විජයසිරි, ජයන්ත කළුපහන, තිස්ස ඩයස් මෙන්ම පසු පරපුරේ බන්දුල ජයසිංහ, දයා ඩී ෆොන්සේකා, අමිල තේනුවර, ශෙහාන් ගලහිටියාව වැනි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අභිනව සංගමය සඳහා යෝජනා ස්ථිරත්වයෙන් පත්වූ නිලධාරී මණ්ඩලය මෙසේ විය. සම සභාපතිවරුන් ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සමඟින් නිලාර් එන්. කාසිම්, ලේකම් ලෙස ජෝර්ජ් රොබ්සන් ද සිල්වා සහ උප ලේකම් ලෙස මනුරංග විජේසේකර, භාණ්ඩාගාරික ලෙස බන්ධුල නානායක්කාරවසම් සහ උප භාණ්ඩාගාරික ලෙස ඩිලාන් ගමගේ යන ගීතරචකයෝ තේරී පත් වූහ.

රඹුක්කන සිද්ධාර්ථ හිමි සමඟින් සමන් චන්ද්‍රනාත් විරසිංහ යන මහත්වරුන් අනුශාසක මඩුල්ලට නම්කළ අතර, කාරක සභිකයින් ලෙස ගීතනාත් කුඩලිගම, සුනිල් යෝගේන්ද්‍ර, රවීන්ද්‍ර සමරප්පෙරුම, ඉන්දික අප්පුරාල, ප්‍රීති රන්දෙණිය. ශාමිලා හුසේන්, උපාලි බණ්ඩාර වීරසේකර, යාපා බණ්ඩාර සෙනෙවිරත්න, ලසිත ජයනෙත්ති ආරච්චිගේ, රසික ඩී දුමින්ද, ආරාධනා ඒකනායක, චානක ජයසේකර යන අය පත්වූහ. රුවන් නන්දික, විමාලක මුහන්දිරම්, සමන් ප්‍රියදර්ශන, රෝහණ හෙට්ටිආරච්චි, බන්දුල ජාගොඩ යන මහත්වරුන් සංවිධායක කමිටුව ලෙසද, මාධ්‍ය සම්බන්ධීකරණය වෙනුවෙන් ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, රොඩ්නි විදානපතිරණ ද ඩිජිටල් මාධ්‍ය වෙනුවෙන් සත්‍යජිත් ලක්මාල් මහත්වරුන් ද නම් කෙරිණ.

ගිණුම් පරීක්ෂිකා ලෙස නෙලුකා සංජීවනී ප්‍රනාන්දු පත්විය.

එසේම පැමිණ සිටි සියලු දෙනාගේ දැඩි ඉල්ලීම හා කරුණු පැහැදිලි කිරීම මත ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස සංගමයේ අනාගත අභිවෘද්ධිය තහවුරු කර ගැනීම සඳහා කීර්ති පැස්කුවල් පත්කර ගන්නා ලදී.

ඡායාරූප - ශාන් වින්රූ / උජිත් දිල්හාන්