ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි

අගෝස්තු 13, 2020

සිනමා විචාරකයකු හා ලේඛකයකු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක අභාවප්‍රාප්ත විය.

ඔහු ජපානයේ හිටපු තානාපතිවරයකු, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයකු වශයෙන්ද සේවය කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇති හෙතෙම දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිට ඇති අතර ජපානයේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය ලබාගෙන ඇත. පුවත්පත් කලාවේදියකු වූ ඔහුගේ "පැණි වළලු" තීරු ලිපි සංග්‍රහය පාඨකයන් අතර අතිශය ජනප්‍රිය වූ අතර අද්‍යතන සිනමාවේ විෂය ක්ෂේත්‍රය නමින් කෘතියක්ද රචනා කර ඇත.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු හා පුවත්පත් කලාවේදියකු වූ විමලනාත් දිසානායකගේ පුතනුවන්‍ ය.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මියයන විට 62 වැනි වියෙහි පසුවිය.

- නිශ්ශංක විජේරත්න