නැවුම් පස අද ගුවනින්

අගෝස්තු 13, 2020

සම්භාවනීය රුසියානු ලේඛක ඉවාන් තුර්ගිනිව්ගේ වර්ජින් සොයිල් ඇසුරින් ආනන්ද අමරසිරි රචනා කරන ‘නැවුම් පස’ නාට්‍යය සෑම සිකුරාදාවකම රාත්‍රී 9.30 ට ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය වේ.

බුද්ධික රොෂාන් (පැක්ලින්), නීලිකා මද්දුම (මරියානා), ලාල් සරත් කුමාර (කොල්ලුමිට්සෙව්), ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ (මාකෙලෙව්), හිලේරියන් පෙරේරා (ආණ්ඩුකාරතුමා), වත්සලා ශ්‍රීපාලි (වැලන්ටිනා), තුසිත වීරසිංහ (වසිලියේව්) සහ දයානත් මඩුගල්ලේ (සිතියාඩින්) මේ සඳහා හඬ දායකත්වය ලබා දේ.

මලින්ත දේශප්‍රිය නාද සංකලනයෙන් දායක වන නැවුම් පස ගුවන් විදුලි නාට්‍යය වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයකි.

 - නිශ්ශංක විජේරත්න