දරුවන් වෙනුවෙන්

සැප්තැම්බර් 10, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමඟින් ඉන්දියාව වසා දැමීවේ ආරම්භය ගත කළ සනී ලියොන් මේ වන විට සිය පවුලේ අය සමඟ පදිංචිව සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේය. බොලිවුඩයෙන් දුරස් වුවත් ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රසික රසිකාවන් හමුවට පැමිණේ. එපමණක් නොව සනී නැවත වැඩ ආරම්භ කළා සේම සමාජ මාධ්‍යවල ද එම දර්ශන බෙදාහදා ගැනීමට ඇය අමතක කළේ නැහැ. එහිදී ඇය ස්තූති පූර්වකව සඳහන් කර සිටියේ රූගත කිරීම් වෙනුවෙන් සූදානම් වීමේදී සනීපාරක්ෂාව වෙනුවෙන් වූ අවධානය විශේෂිත වූ බවයි. 

කෙතරම් වැඩ රාජකාරි අධික වුවත් සනී නිරන්තරයෙන් සිය දරුවන් ගැන සොයා බලන කාර්යබහුල මවක්. වැඩ ආරම්භ කළත් සනී මෑතකදී සිය සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් වන නිෂා, නෝවා සහ ඈශර් සමඟ විශේෂ ගමනක නිරත වුණා. ඒ ගමන ඇයගේ දරුවන් වෙනුවෙන් විශේෂ වුවක්. එය යෙදුණේ සත්ත්ව රක්ෂිතයක් වෙතටයි.