සයිෆ් සහ අර්ජුන් භූත පොලිසියට

සැප්තැම්බර් 10, 2020

සයිෆ් අලි ඛාන් සහ අර්ජුන් කපූර් ඔවුන්ගේ මීළඟට සිනමා නිර්මාණයේදී පළමු වරට සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව සිටිති. එය ‘භූත් පොලිස්’ ලෙස නම් කර ඇති අතර ත්‍රාසජනක හාස්‍යමය චිත්‍රපටයකි. පවන් කිර්පලනි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව ඇත. මේ වසරේ අග භාගය වන විට තිරගත වීමට නියමිත මෙහි අර්ජුන් සහ සයිෆ්  හොල්මන් චරිත දෙකකට පණ පොවන්න සූදානම් බවත් ආරංචියි. 

අධ්‍යක්ෂ පවන් සඳහන් කර සිටින්නේ, මෙම ත්‍රාසජනක, වික්‍රමාන්විත, හාස්‍යය චිත්‍රපටය ගෙන ඒමට ලැබීම ගැන අතිශයෙන් සතුටට පත්වන බවත් සයිෆ් සහ අර්ජුන් මේ සඳහා පරිපූර්ණ සුදුසුකමක් වන බැවින් ඔවුන් කණ්ඩායමට එක්වීම ගැන ද බෙහෙවින් සතුටු වන බවයි. සයිෆ් අවසන් වරට 

රංගනයෙන් එක් වුණේ ජවානි ජානේමන් චිත්‍රපටයෙන්. සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අවසාන චිත්‍රපටය වූ දිල් බෙචාරාහි විශේෂ දර්ශනයකටද ඔහු දායක වූවා. අර්ජුන් පරිනීති චොප්රා සමඟ සන්දීප් ඕර් පිංකි ෆාරාර් චිත්‍රපටයේ රංගනයට එක්වීමට නියමිතව ඇත.