අති දුෂ්කර සති තුනක්

සැප්තැම්බර් 10, 2020

ජෙනෙලියා ඩීසූසාහට සති තුනක් පුරාවට මහල් නිවාසයක තනිවම කාලය ගත කරන්නට සිදු වෙලා. කොරෝනා වෛරස් වසංගතයේ බලපෑම තවමත් බලපෑම් කරමින් සිටියදී දේශීය සංචාරයක් අතරතුර සිදු කළ වෛරස් පරීක්ෂණය ධනාත්මක වීම ඇයට මෙලෙසින් තම පවුලෙන් දුරස්ව ගත කිරීමට හේතු වුණා. පරීක්ෂණ ප්‍රතිඵල ලද විගස ඇය ලිලාවතී රෝහල කරා ගියද රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බැවින් ඇයට තමන්ගේ නිවෙසක රැඳී සිටීමේ අවස්ථාව හිමි වුණා.

"එය වඩාත්ම අභියෝගාත්මක කොටසයි. මගේ නිවසේ වෙනම කාමරයක පමණක් නිරෝධායනය කළ යුතුව තිබුණා. කිසිවෙකුගේ අඩි ශබ්දයක්වත් නොඇසෙන තැනක තනිව සිටීම ඉතාම දුෂ්කරයි" ජෙනෙලියා පවසන්නීය. නමුත් ඥාති හිත මිතුරන්ගේ ඇමතුම් ඇයට මහත් අස්වැසිල්ලක් වී ඇත. සැමියා රිතේෂ් සහ දරුවන් ධනාත්මක නොවීම සැනසීමක් වූ බවත් රිතේෂ් විසින් දරුවන් දෙදෙනාගේ වගකීම තනිව භාරගත් අවස්ථාව ඉතාම සංවේදී වූ බවත් ජෙනෙලියා පවසනවා.