“වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය” මේ මස 15 අඟහරුවාදා

සැප්තැම්බර් 10, 2020

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාරූපණය, සිනමා අධ්‍යක්ෂණය සහ වාර්තා චිත්‍රපටකරණය අලළා සිනමා විචාරකයකු වන ජීවන්ත දයානන්ද විසින් විරචිත "වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය" නැමැති අභිනව සිනමා සාහිත්‍ය කෘතිය කොළඹ 7 මහවැලි කේන්ද්‍රය ශ්‍රවණාගාරයේ දී සැප්තැම්බර් මස 15 අඟහරුවාදා සවස 3.00 ට ජනගත වේ. එම උත්සවයේ දී ප්‍රවීණ සිනමා රූපණවේදී සහ සිනමාවේදී සනත් ගුණතිලක, ප්‍රවීණ සිනමා රූපණවේදිණී ස්වර්ණා මල්ලවආරච්චි, ප්‍රවීණ සිනමා රූපණවේදී සෞම්‍ය ලියනගේ සහ නව පරපුරේ කලා විචාරක සහ සිනමාවේදී චින්තන ධර්මදාස ධර්මසිරිගේ කලා ජීවිතය අලළා විමර්ශනය කරනු ඇත. උලෙළේ කථනය ප්‍රවීණ රූපණවේදිණී යශෝධා විමලධර්ම ගෙනි.. 

"වම් ඉවුරේ තුන්වැන්නා- ධර්මසිරි සිනමාවලෝකනය" නබෝ ප්‍රකාශන ආයතනයේ කුලුඳුල් සාහිත්‍යය ප්‍රකාශනයයි..