ආශාගේ උපන්දිනේ

සැප්තැම්බර් 17, 2020

ඇය සංගීතයේ භාෂාව කතා කරයි. ඇයට හැඟෙන දේ පැහැදිලි කිරීමට ඇය ගීත මැද සංවාදයට පිවිසේ. ඇගේ තරුණබව, විවෘත හදවත, සිනහව, අවංකබව සහ ගායනය කෙරෙහි ඇති ඇල්ම අසමසම වේ. ඇය නමින් ආශා බෝස්ලේ ය. පසුගියදා ඇය සමරනු ලැබූයේ සිය 87 වැනි ජන්ම දිනයයි. කවදත් ලොකු සැමරුම් වලට අකැමති ඇය මෙවර උපන්දිනය සිය පවුලේ සාමාජිකයන් පිරිවරා ලෝනවාලා හිදි සමරනු ලැබුවාය. 

පසුගිය මාස පහක කාලයක් පුරා ඇය කාලය ගත කළේ සශ්‍රික හරිත  ප්‍රදේශයක් වන ලෝනවාලාහි පිහිටි ගොවිපොළේය. මෙවර උපන්දිනය දා මුනුබුරු මිණිබිරියන් පිරිවරා සමරන්නට ලැබීම ඇයට විශේෂ විය. “මම අවංකවම සිතන්නේ නැහැ මම මගේ 88 වන වසරට පිවිසෙන බව. මට වඩාත් තරුණ බවක් දැනෙනවා ” ඇය සිනහවකින් යුතුව පවසන්නීය.