ගෙදරට වැඩ නෑ

සැප්තැම්බර් 17, 2020

ජේ.පී දත්තාගේ රිෆියුජි චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි අභිෂේක් බච්චන්ගේ සිනමා දිවිය දැන් විසි වසරක් සපුරා අවසන්. රෝඩ් ටු 20 නමින් ඒ වෙනුවෙන් සැකසූ විශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කළ අභිෂේක් පවසා සිටියේ නළුවෙකු ලෙස අවුරුදු 20 ක් සම්පූර්ණ කළෙමි යැයි විශ්වාස කිරීමත් දුෂ්කර වුවද එය මෙතෙක් වූ අපූරු ගමනක් බවයි. නිරූපණය කරන සෑම චරිතයකින්ම යමක් ඉගෙන ගැනීම අභිෂේක්ගේ පුරුද්දක්. පළමු චිත්‍රපටයේ සිටම එය විශේෂ වූ බවත් කෙතරම් කාර්යබහුල වුවද තමා වෙනුවෙන් මෙන්ම පවුලේ අය වෙනුවෙන් වැඩ ගෙදර ගෙන යාමට තමා කැමති නැති බවත් ඔහු පවසයි.බොලිවුඩ් ආරංචි ගෙන එන්නේ පසුගිය ජූලි මාසයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත වූ අභිෂේක් ඇතුළු බච්චන් පවුලේ සාමාජිකයන් මේ වන විට පූර්ණ සුවය ලබා එදිනෙදා සාමාන්‍ය රාජකාරි කටයුතුවලටත් පිවිස ඇති බවයි. මේ වසරේදී අභිෂේක් රංගනයෙන් දායක වන චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත වීමට නියමිතයි.