ජෝ සමුගෙන වසර නවයයි විශේෂ උලෙළක් 21 දා

සැප්තැම්බර් 17, 2020

මෙරට බිහි වූ විශිෂ්ටතම රංගධරයකු වූ ජෝ අබේවික්‍රමයන් අප අතරින් වියෝ වී මෙම මස 21 වැනිදාට වසර නවයක් සපිරේ. ඒ වෙනුවෙන් විශේෂ ගුණඅනුස්මරණ වැඩ සටහනක් එම දිනයේ සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත. මෙදින ජෝ මහතා රංගනයෙන් දායක වූ මහගමසේකරයන්ගේ තුංමං හංදිය සිනමාපටය ප්‍රදර්ශනයට කටයුතු  සම්පාදනය කොට තිබේ.