ධර්මසිරි ගමගේ සමුගෙන වසර 16 ක්

සැප්තැම්බර් 17, 2020

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, ගීත රචකයකු, චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස ද ඊට පරිබාහිරව තවත් කලා ලොවේ ඉසව් ගණනාවක් ස්පර්ශ කළ විශිෂ්ට කලා සහෘදයකු වූ ධර්මසිරි ගමගේ සූරීන්ගේ දහසය වන ගුණ අනුස්මරණය මෙම මස 19 වැනිදාට යෙදී තිබේ. ඔහු අප අතරින් සමු ගත්තේ 2004 වසෙර්ය. යොවුන් ජනතා, රසඳුන, ආදී ලේක්හවුස් ප්‍රකාශනයන්හී කතුවරයා ලෙස කටයුතු කරමින් තවත් පරපුරක් ඉදිරියට ගෙන ඒමට ගමගේ මහතා කටයුතු කළේය. විශාරද ආචාර්ය නන්දා මාලිනී ගයන අම්මාවරුනේ ඇතුළු සුභාවිත ගීත රැසක් රචනා කළ ඔහු සිනමා කලාවේදී නමක් රැන්දූ කලාකරුවෙකි. පූජා සහ යසඉසුරු සිනමාපට ගමගේ මහතාගේ අධ්‍යක්ෂණයන් වේ.