අද සහ හෙට අලුත් චිත්‍රපට දෙකක්

සැප්තැම්බර් 17, 2020

අද 24 සහ හෙට (25) යන දෙදින පුරා සිනමාපට ද්විත්වයක් තිිරගතවීමට සූදානමිනි. ඒ රූකඩ පැංචි සහ මිස් ජෙනිස්ය.

ළමා සිනමා කෘතියක් වන රූකඩ පැංචී මෙම මස 24 වැනිදා සිට ඊ. ඒ. පී මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිත අතර  එය වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ යන  දෙසොහොයුරන්ගේ අධ්‍යක්ෂණයකි.

ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ, කුෂේන්‍යා ෆොන්සේකා, ලක්ෂිකා දේශාන් ඇතුළු පිරිස මෙහි චරිත මවති.

මාලිනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය සමඟ බන්දුල නානායක්කාරවසම් ගරු රංගනයේ යෙදෙති. හාස්‍යෝත්පාදක  සිනමාපටයක් වන මිස් ජෙනිස් තිරගත වන්නේ මෙම මස 25 වැනිදා සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය.

සුසිරන් ද සිල්වා මෙහි අධ්‍යක්ෂවරයා වන අතර නැසීගිය විශිෂ්ට රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න කාන්තාවක සේ රංගනයේ යෙදෙනුයේ මෙම සිනමාපටයේය.

ජයලත් මනෝරත්න, දුලීකා  මාරපන, ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, රොෂාන් රණවන, උදාරි පෙරේරා ඇතුළු පිරිස මිස් ජෙනිස් රංගනයෙන් හැඩ කරති.