අමරසේන වඩුගේ මියයයි

සැප්තැම්බර් 17, 2020

ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය  නිෂ්පාදකවරයකු වූ අමරසේන වඩුගේ පසුගියදා (13) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැට තුනකි. සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ අපායේ අවුරුදු වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරමින්     නිෂ්පාදකවරයකු ලෙසට ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අමරසේන වඩුගේ පසුකාලීනව ටෙලි නාට්‍ය නිෂ්්පාදනයට එක් විය.

සුදත් සේනාරත්නගේ  සුදුමල් කන්ද ඔහුගේ පළමු ටෙලි නාට්‍ය              නිෂ්පාදනයයි. අනතුරුව අරුණලු කිරණ (සුමිත් රෝහණ තිත්තවැල්ගල) නාට්‍ය නිෂ්පාදනය කළ වඩුගේ අවසන්වරට නිරෝෂන් ඉලේපෙරුමගේ ධරණි ටෙලි නාට්‍යයේ නිෂ්පාදන විධායක වශයෙන් කටයුතු කළේය.  තිදරු පියකු වූ වඩුගේ ගේ අවසන් කටයුතු ඉකුත් අඟහරුවාදා (15) සවස පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු  කෙරිණි.