විසංගමනයට තවත් සම්මානයක්

සැප්තැම්බර් 17, 2020

රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ විසංගමනය සිනමාපටය තවත් අන්තර් ජාතික සම්මානයක් දිනා ගත්තේය. ඒ ලන්ඩන් ලිෆ්ට් ඕෆ් අන්තර් ජාතික සිනමා උලෙළේදීය. හොඳම අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමා නිර්මාණය අංශය යටතේ දෙවැනි ස්ථානය විසංගමනයට හිමිව තිබේ. මහේෂ් විජේරත්න නිෂ්පාදනයක් වන විසංගමනය උපාලි ගම්ලත්ගේ තිර රචනයකි. අශාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලි ෆොන්සේකා ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.