ජීවන්-නදීකා-අර්ජුන් එක් කර චතුර පෙරේරා සන්සුන් අරඹයි

සැප්තැම්බර් 17, 2020

නැසීගිය සිනමා නළු එල්. එම්. පෙරේරාගේ පුතු චතුර පෙරේරා නිර්මාණය කරනු ලබන ඔහුගේ දෙවැනි සිනමාපටයේ වැඩ කටයුතු තව නොබෝ දිනකින් ආරම්භවීමට නියමිතය. සන්සුන් යනුවෙන් නම තබා ඇති එය හිරු ප්‍රඩක්ෂන් වෙනුවෙන් සුමන දීප්ති ගුණරත්නගේ නිෂ්පාදනයකි. ජීවන් කුමාරතුංග, නදීකා ගුණසේකර, අර්ජුන කමලනාත්, බන්දුල විජේවීර, කුමාර තිරිමාදුර, නන්දන හෙට්ටිආරච්චි, සමදරා ආරියවංශ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයේ යෙදෙති. සන්සුන් සිනමාපටයේ තිර රචනය  චතුර පෙරේරා විසිනි. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන්නේ හතර වරන් වේ. එය එළඹෙන ඔක්තෝබර් මාසයේ තිරගතවීමට නියමිතය.