අරාගේ හබක් කොලම

19 දා කුරුණෑගලින්
සැප්තැම්බර් 17, 2020

 

 

නීතිඥ අරවින්ද හබක්කල විසින් රචනා කළ අරාගේ හබක් කොළම ග්‍රන්ථය එළිදැක්වීම මෙම මස 19 වැනිදා සවස කුරුණෑගල බ්ලූස්කයි ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී සිදු වේ. මෙය වසරක පමණ කාලයක් පුරා මුහුණු පොතේ කර්තෘ තැබූ සටහන් එකතුවකි. අරාගේ හබක් කොලම මිනිසුන් සඟවන්නට උත්සාහ කරන තිත්ත ඇත්ත රචකයා විසින් තමන්ට ආදේශ කර ගනිමින් සරල බසින් රචනා කොට ඇති අතර මෙහි එන කිසිදු සිදුවීමක් මනඞකල්පිත නොවීම විශේෂත්වයකි.

ග්‍රන්ථය දොරට වැඩීමේ උලෙළේ නීතීඥ පියල් කාරියවසම්, ආචාර්ය ඇලෙක්ස් පෙරේරා සහ කර්තෘවරයාගේ පියා විනි හබක්කල විසින් දෙසුම් පවත්වනු ලබති.