හර්ෂනීගේ ‘ඊවා’ 17 දා

සැප්තැම්බර් 17, 2020

 

මාධ්‍යවේදිනී හර්ෂනී වීරරත්නගේ නවතම කෘතිය ඊවා මෙම මස 17 වැනිදා එනම් අද සවස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇල්ඩෝ කැස්ටෙලානි ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන අතර මුඛ්‍ය දෙසුම ද ඔහු විසින් පවත්වනු ලබයි. ප්‍රවීණ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි සහ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වත්මනහි පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මෙදින සෙසු ආරාධිතයන් ලෙස සහභාගී වෙති. ‘ඊවා’ හර්ෂනීගේ පස්වැනි කෘතියයි. අගස්ති, අග්‍ර, ශේෂ සහ දූවිලි ඇය මීට ප්‍රථම රචනා කොට ඇති කෘතීන් අතර වෙයි.