දිමුතු ප්‍රදීප්ගේ පොත් දෙකක්

සැප්තැම්බර් 17, 2020

 

 

පොලිස් පරීක්ෂක, නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහගේ පළමු කාව්‍ය සංග්‍රහය මල් වට්ටියට පිස්තෝල සහ නීතිය පිළිබඳ පද්‍යමය විවරණය රිදුම් පිරිමැද නීතිය දෝතට යන ග්‍රන්ථ ද්විත්වය මෙම මස 21 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පීඨිකාවේදී ජනගත කෙරේ.

නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ සහ ප්‍රවීණ කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන මහත්වරුන් මෙදින ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වෙති. ළමා මුතු සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජයන්ත වීරසිංහ, කථිකාචාර්ය ඔසඳ ගුණරත්න, උප පොලිස් පරීක්ෂක කිවිවර ඉලක්ෂ ජයවර්ධන සහ නලින් ද සංජීව ලියනගේ මෙදින දෙසුම් පවත්වති. උලෙළ මෙහෙයවීම පොලිස් පරීක්ෂක චාමර විජේරත්න සහ ප්‍රවීණ කිවිවර ළහිරු කිතලගමගේ විසින් සිදු කරනු ඇත. මල් වට්ටියට පිස්තෝල සන්ථව ප්‍රකාශනයක් වන අතර රිදුම් පිරිමැද නීතිය දෝතට කර්තෘ ප්‍රකාශනයකි.