සොනාක්ෂි කළ සිහි කැඳවීම

සැප්තැම්බර් 24, 2020

වසංගතය මධ්‍යයේ, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සිය රසික රසිකාවන් මිලියන 18.5 වෙනුවෙන් සිහිපත් කිරීමකට සොනාක්ෂි සිංහා ඉන්ස්ටග්‍රම් වෙත ගොස් තිබුණි. සෙල්ෆි ඡායාරූපයක් පළ කරමින් ඇය සටහන් කර තිබුනේ “දුරින් සිටින්න” යනුවෙනි. මේ වසරේදී සොනාක්ෂි බොලිවුඩයේ දශකය සම්පූර්ණ කළාය. 

2010 වසරේදී ඩබාන්ග් චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසෙමින් ෆිල්ම්ෆෙයාර් හොඳම නවක නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද ඇය සමත් වූවාය. බොලිවුඩයේ දස වසරක ගමන සිහිපත් කළ වීඩියෝවක් දක්වමින් ඇය සටහන් කළේ ගත වූ දස වසර ඇදහිය නොහැති බවයි. “ඔබ සියලු දෙනාගෙන් මට ලැබුණු ආදරය මා ධෛර්යවත් කළා. ඔබේ විවේචනය මාව වඩා හොඳ කිරීමට තල්ලු කළා. වෙහෙස මහන්සි වෙමින් මගේ වැඩවලට මා දැක්වූ ගෞරවය මා ඉදිරියට ගෙන ගියා. බොලිවුඩ් කර්මාන්තයට ස්තූතියි. මගේ ප්‍රේක්ෂකයන්ට සහ විශ්වයට ස්තූතියි! මෙය ආරම්භය පමණයි”.