කඳුරට මාසික සංගීත අසපුව මෙවර ධර්මසිරි ගමගේ නමින්

සැප්තැම්බර් 24, 2020

කඳුරට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන නොමියෙන ගී වැඩසටහනේ මාසික සජීවි සංගීත අසපුව මෙවර වෙන් වන්නේ ධර්මසිරි ගමගේ කලාකරුවා වෙනුවෙනි. ඒ මෙම මස 19 වැනිදාට යෙදී තිබුණු එතුමාණන්ගේ දහසය වැනි ගුණ අනුස්මරණය උදෙසාය. වැඩසටහන මෙම මස 27 වැනිදා එනම් එන ඉරිදා සවස 1 ට කඳුරට ගුවන් විදුලි පරිශ්‍රයේදී පැවැත්වෙන අතර කඳුරට නාළිකාවෙන් එනමින් ඇති මුහුණු පොතෙන් සහ යූ ටියුබ් නාලිකාවෙන් සජීවීව රසවිඳිය හැකිය.

ගමගේ මහතා විසින් රචනා කරන ලද ගීත තිහක් පමණ මෙහිදී සජීවීව ගයමින් විමසුමට ලක් කෙරේ. තිස්ස ජයවර්ධන, තිසරු ඉමංක, කලාරා ආවිනී, මයුමි අයෝධ්‍යා, මලිත් සංජය, පුෂ්පානි තේනුවර, ඉන්දික වරාවිට,  සුභාෂ් අධිකාරි ඇතුළු පිරිස මෙහිදී ගීිතවත්වීමට නියමිතය. නීල් සුදේශ් ප්‍රමුඛ දෝන්ස් සංගීත කණ්ඩායම සංගීතය මෙහෙයවයි. කඳුරට ගුවන් විදුලියේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න, කළමනාකාර ඉන්දික විජයසිරි ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වනු ඇත. ප්‍රසංගය කඳුරට කලා සංසදයේ සංවිධානයකි. ප්‍රසන්න ජයම්පති මෙහි පූරකවරයාය.