ජෝ අබේවික්‍රම 9 වැනි ගුණ සමරුව

සැප්තැම්බර් 24, 2020
ජෝ අබේවික්‍රමයන්ගේ 9 වැනි ගුණ අනුස්මරණ උත්සවය

කලා ලොවෙන් සමුගත් ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රමයන්ගේ 9 වැනි ගුණ අනුස්මරණ උත්සවය පසුගිය 21 වැනි දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ ප්‍රවීණ රංගධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රධානත්වයෙනි. එදින නිළි රැජිණ මාලිනී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් රැසක් සහ ජෝ අබේවික්‍රමයන්ට ආදරය කළ ප්‍රේක්ෂකයෝ ද සහභාගි වූහ.

ජෝ අබේවික්‍රම රංගධරයන්ගේ දියණිය කුමාරි අබේවික්‍රම තම පියාගේ සේයාරුවට පුෂ්පෝපහාර  දැක් වූ අතර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සහ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර ජෝ අබේවික්‍රම සමරු දෙසුම් පැවැත්වූහ. ඉන් අනතුරුව ජෝ අබේවික්‍රම රංගනයෙන් දායක වූ වැලිකතර සිනමාපටය ප්‍රදර්ශනය කරන ලදී.