අමතක නොවන සුබ පැතුමක්...

සැප්තැම්බර් 24, 2020

මේ කියන්න හදන්නේ තවත් අපූරු කතාවක්. බලන්න මේ සේයාරුව දෙස... ඔබ හොඳීන් හඳුනන දෙන්නෙක් ඉන්නේ. එක් තැනැත්තියක් තමයි ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා කරුණාතිලක. අනෙක් කෙනා ශලනි තාරකා. ශලනි ඉකුත් රයිගම් ටෙලීස්හි හොඳම මෙන්ම ජනප්‍රිය නිළිය වුණා. එදා ඇයට සම්මාන කිරුළ පැලැන්ඳුවේ අනුලා කරුණාතිලක. ඒ හමුවේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ලාංකේය සිනමාවේ ප්‍රථම වරට ජනප්‍රිය මෙන්ම හොඳම නිළිය හැටියට සම්මානයට පාත්‍ර වුණේ අනුලා. ඒ ගොළු හදවත සිනමාපටයේ රංගනය වෙනුවෙන්. 1969 පැවැත්වුණු සරසවිය සම්මාන උලෙළේ තමයි ඇය මෙලෙස සම්මානනීය වුණේ. එවන්වූ ගරු බුහුමනට ලක්වූ තැනැත්තියක් තමයි ශලනිට මෙහෙම සුබ පතන්නේ. ඇයටත් මෙය අනගි සමරු සටහනක් වේවි.