සිනමා සක්විති ගුණ සැමරුමට ලේ දන්දීමේ පිංකමක්

ඔක්තෝබර් 8, 2020

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ගුණ සමරුව නිමිත්තෙන් ලේදන් දීමේ පින්කමක් සැප්තැම්බර් 30 වැනිදා දවස පුරා නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත්විය. එය 5 වැනි වරටත් සංවිධානය කර ඇත.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දම්මිත් ෆොන්සේකා සහභාගී වුණු අතර රංගන ශිල්පීන් රාශියක්ද සහභාගී වූහ. මෙවර ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑ ශ්‍රියාණි අමරසේන, සිසිර කුමාරතුංග සහ සුමිත් මුදන්නායකට සම්මාන පුද කිරීමක්ද සිදුවිය. කලාශිල්පී අසෝක සෙනරත් මුදලි විසින් මෙය සංවිධානය කර තිබිණ.