ෆාතිමා නැවත වැඩ

ඔක්තෝබර් 15, 2020

බොලිවුඩය මේ වන විට ගෙවා දමන්නේ තරමක් අසීරු කාලයකි. මරණ, නඩුහබ, මත් ද්‍රව්‍ය චෝදනා එහි වැඩි වශයෙන් අසන්නට ලැබේ. නමුත් මේ වන විට බොහෝ දෙනා තම වැඩකටයුතු ආරම්භ කළ පුවත් ද ඒ අතර වේ. කොරෝනා වෛරසය සැලකිල්ලට ගනිමින්, චිත්‍රපට නිෂ්පාදකයන් සෑම දෙනාගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා උපරිම පූර්වෝපායයන් අනුගමනය කරන බවද එම පුවත් අතර වේ.

නැවත වැඩ ආරම්භ කළ තරු අතර ෆාතිමා සනා ෂෙයික් ද සිටී. ඇය මෑතකදී ඇගේ නව චිත්‍රපටය වන සුරාජ් පෙ මංගල් භාරි හි ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රම් පිටුවට එක් කළාය. අනූව දශකයේ කතාවක් කියන එහි දිල්ජිත් දොසාන්ජ් සහ මනෝජ් බජ්පායි ද රංගනයෙන් දායක වෙති. අභිෂේක් ශර්මා විසින් අධ්‍යක්ෂණය කළ එහි රූගත කිරීම් ජනවාරි මාසයේදී ආරම්භ කළ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් නවතා දමන ලද අතර නිෂ්පාදකයන් තවමත් නව දිනයක් ප්‍රකාශයට පත් කර නැත.