“සඳ කිඳුරයි සඳ කිඳුරියි” (සඳ කිඳුරු ජාතකය)

ඔක්තෝබර් 15, 2020

දමයන්ති ජයකොඩි ලියූ නවතම බෞද්ධ ග්‍රන්ථය ‘සඳ කිඳුරයි සඳ කිඳුරියි (සඳ කිඳුරු ජාතකය)’ පසුගියදා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් මැදුරේදී ජනගත කෙරිණි.

අප ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ එක් භවයක් විස්තර කෙරෙන සඳ කිඳුරු ජාතකය දරු දැරියන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා රසවිඳිය හැකි සුන්දර කතා වස්තුවකි. ළමා මනසට කතාවේ රසවත් බව මැනවින් වටහා දීමට ජාතකයේ අසිරිමත් සිදුවීම් විදහා දක්වන්නට පින්තූර ද යොදා ඇත.

 

----------------

“ජාතියෙන් සැඟ වී යන අනුරාධපුර යුගයේ බිතු සිතුවම්”

පූජ්‍ය පිටිහරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ‘ජාතියෙන් සැඟ වී යන අනුරාධපුර යුගයේ බිතු සිතුවම්’ ග්‍රන්ථය එළඹෙන 27 වැනිදා දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් මැදුරේදී එළි දකී.

කෘතියෙහි එක් යුගයක එනම් අනුරාධපුර යුගයේ බිතු සිතුවම් පිළිබඳව අගනා කරුණු රැසක් එහි ඇතුළත් කොට ඇත.