අද නෑ හෙට

ඔක්තෝබර් 15, 2020

මේ කතාව ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ගැන. ඔහුගේ නම බූඩි කීර්තිසේන. ඔය මිල්ලෙ සොයා, නිම්නයක හුදකලාව, මාතා වගේ චිත්‍රපට කළේ ඔහු. ඒ වගේම සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්ද ක්‍රියාකළා. මේ බූඩිට ඉකුත් දා ස්වර්ණවාහිනීයේ වැඩසටහනකට කතා කළා. එදා එතනින් එළියට බැස්සේ වැඩසටහන යන දවසත් අහගෙන. ඔන්න පසුගිය සිකුරාදා බූඩිගේ යාළුවන්ට whatsapp  මැසේජ් එකක් ආවලූ බූඩිගෙන්. හෙට වැඩසටහන විකාශය වෙනවා ඒක බලන්න කියලායි බූඩි යාළුවන්ට කියලා තියෙන්නේ. යාළුවොත් බූඩිගේ වචනේ විශ්වාස කරලා ඔහු කියපු වෙලාවට රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙලා අර කියපු වෙලාවට නෙත් අයා බලා සිටියලු. කියපු වෙලාවත් පහුවෙලා. ඒත් වැඩසටහන නැහැ. බූඩිට චැනල් එකවත් මාරු වෙලාද කියලා මිත්‍රයෝ වෙන වෙන චැනලුත් මාරු කර කර බලලා. ඒත් නැහැ. ඔන්න ටික වේලාවකින් ආයේ පණිවුඩයක් එනවලු බූඩිගෙන්. අද නෙවේ වැඩසටහන හෙටය කියලා. බැලින්නම් බූඩිට සෙනසුරාදා ඉරිදා මාරු වෙලා.