දෙන්නා බැඳලද?

ඔක්තෝබර් 15, 2020

අන්න පූජනී බැඳලා.. අර ගයාන්වනේ එයා බැඳලා තියෙන්නේ. ගයානුත් නළුවනේ..

එහෙම කට කතා සෑහෙන්න එහෙ මෙහෙ ගියේ ඉකුත් දා මේ ජෝඩුවගේ පින්තූර වගයක් වෙබ් පිටු කිහිපයක පළවූ නිසා. සමහරුන් කියා සිටියේ දෙන්නා බැන්දාමයි කියලා. පූජනී භාග්‍යා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනීයක්නේ. ඇය මේ දිනවල නාට්‍ය දෙකතුනකම ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනගේ පුතු තමයි ගයාන් ගුණවර්ධන. ඔහුත් ජනප්‍රිය නළුවෙක්. මේ දෙන්නා ඉකුත් දා මනමාලයෙක් සහ මනමාලියක් විදිහට සැරසුණා. හැබැයි ඇත්තටම නෙවෙයි. මෙහෙම දෙන්නම ඇන්දේ මියුසික් වීඩියෝ එකක් වෙනුවෙන්. ඉකුත් දා එය නිකුත් වුණා. ඔබ වෙනුවෙන් ලෙසට නම් කළ සින්දුව කියන්නේ ගයාන්ම තමයි. කෙසේ වෙතත් දෙන්නා ගැළපෙන ජෝඩුව කියලානම් කියන්න පුළුවන්.