කවුද බොලේ මේ

ඔක්තෝබර් 22, 2020

"කවුද මේ නළුවා" "අන්න නළුවො" කිය කිය මේ දවස්වල එක්තරා කෙනෙකුගේ ඡායාරූප මූණූ පොතේ හුවමාරු වෙනවා. වැඩේ කියන්නේ මේ තැනැත්තා වෘත්තීය නළුවෙක් නොවීම. ඒත් ඔහු කරනා මේ රංගනය හරිම තාත්ත්විකයි කියලා තමයි හැමෝගෙම අදහස. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන සත්‍යා නාට්‍යයේ තමයි මෙයා රඟපාන්නේ. චරිතය බන්දු.. කවුද මේ නළුවා? බොහෝ දෙනෙක් හොයන තැනැත්තා තමයි නලීන් ප්‍රේමතිලක. ඔහු අතිදක්ෂ අංගරචනා ශිල්පියෙක්. ඉකුත් දිනවල තිරගතවූ මිස් ජෙනිස් චිත්‍රපටයේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ව කාන්තාවක් ලෙසින් වෙස්ගැන්වුයේ මේ නලීන්. එපමණක් නොව චිත්‍රපට ටෙලිනාට්‍ය ගණනාවක අංග රචනා ශිල්පියා හැටියට නලීන් කටයුතු කළා. ඔහු ඉඳලා ඉඳලා කළා චරිතයක්. ඒක ආයේ හිට්ම තමයි. ඔන්න මේ බන්දුට පණ පොවන්නේ නලීන් ප්‍රේමතිලක කියලා අපි හඳුන්වලා දුන්නා