නිහාල් නෙල්සන් මාවතෙන් එන්න.

ඔක්තෝබර් 22, 2020

ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් අගයනවා නම් ඔහු හෝ ඇය ජීවත්ව ඉන්නකොට එක කරන්නට ඕනේ. එතකොට තමයි ඒ උපහාර ගෞරවයේ වටිනාකම තියෙන්නේ. මේ කියන්න හදන කතාවත් එහෙම එකක්. එහි කතා නායකයා අපේ ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන්. ඔහුගේ නමින් මාවතක් නම් කරන්න සූදානම් වෙනවා. මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු තමයි මෙම කර්තව්‍යයට මුලපුරලා තියෙන්නේ. මොරටුවනේ නිහාල්ගේ උපන් ගම. මොරටුව රාවතාවත්තේ තෙවැනි පටුමග, ඒ කියන්නේ නිහාල් පදිංචිව සිටින මාවතයි මෙහෙම නිහාල් නෙල්සන් මාවත විදිහට නම් වෙන්නේ. එළඹෙන ජනවාරි මස 09 වැනිදාට යෙදෙන නිහාල්ගේ හැත්තෑපස් වැනි ජන්ම දිනය දා තමයි නිල වශයෙන් තෙවැනි පටුමග නිහාල් නෙල්සන් මාවත වෙන්නේ. මේ අදහස ඇත්තටම අගය කළ යුතුයි. නිහාල් නෙල්සන් කියන්නේ අපට සිටින අතිදක්ෂ කලාකරුවෙක්නේ. ඔහුට මේ අන්දමින් උපහාර කරනවාට නිසැකවම අපේ ගෞරවය පුද කරනවා.