නව මිතුරා

ඔක්තෝබර් 29, 2020

වරුන් ධවාන් යනු රසික රසිකාවන්ට ආදරණිය කලාකරුවකු මෙන්ම සතුන් වෙනුවෙන් කාරුණික හදවතක් හිමි සත්ත්ව ලෝලියෙකි. සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකු ලෙසින් ඔහු පසුගියදා සිය ට්විටර් පිටුවට එක් කළේ, හාවෙකු සමඟ වූ වීඩියෝවකි. මාලදිවයිනේ සිට පැමිණි නව මිතුරා ලෙසින් නම් කළ එහි වරුන් හාවෙකුහට කැරට් අලයක් කවන අයුරු දැක්වුණා.

මේ වන විට වරුන් බොලිවුඩයේ වසර අටක් සම්පූර්ණ කර අවසන්. ඔහු බොලිවුඩයට පිවිසියේ කරන් ජොහාර්ගේ 'ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්' චිත්‍රපටයෙනි. එය ආලියා භාත් සහ සිදාර්ත් මල්හෝත්‍රාගේ ද පළමු රංගනයන් විය. 'දිල්වාලේ', 'ජුඩ්වා 2', 'බද්‍රිනාත් කී දුල්හානියා', 'එනිබොඩි කැන් ඩාන්ස් 2', 'කලන්ක්', 'සුයි ධාගා', 'හම්ප්ටි ෂර්මා කි දුල්හානියා' යනු බොලිවුඩ් වසර අට තුළ ඔහුගේ සාර්ථක චිත්‍රපට කිහිපයක්. මා විශ්වාස කිරීම ගැන ඔබට ස්තූතියි. මම කළ සෑම දෙයක් ගැනම ඔබ දැක්වූ සැලකිල්ල වඩාත්ම වැදගත් දෙයයි" බොලිවුඩයේ වසර 8 ක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් ඔහු කළ සටහනක දැක්වුණි.