ඇඳුම් සොරකම

ඔක්තෝබර් 29, 2020

ප්‍රියංකා චොප්රා මෑතකදී ජර්මනියේ විනෝද චාරිකාවක යෙදුණු පින්තූර කිහිපයක් අන්තර්ජාලයට එක් කළා. සුදු පැහැති ඇඳුමකින් සැරසී සුදු පැහැති සපත්තු සහ රතු පැහැති අත් අත්වැසුම් පැලඳ සිටි අයුරු දැක්වෙන ඡායාරූපයක් සමඟ එම ඇඳුමින්ම ඇයගේ සැමියා නික් ජොනාස් ද සැරසී සිටින ඡායාරූපයක් එක්කර තිබුණා. එහි මාතෘකාව ලෙස යොදා තිබුණේ 'ඔබේ ඇඳුම් සොරකම් කිරීමට ප්‍රියකරමි' යනුවෙනි.

මෑතකදී ප්‍රියංකා සිය මතක සටහන් රචනා කළේ 'අන්ෆිනිෂ්ඩ්' යනුවෙනි. ඇය එම කෘතිය පිළිබඳ පවසා සිටියේ, 'අන්ෆිනිෂ්ඩ්' මගේ ගමන ගැන මගේ වචනවලින් අවබෝධයක් ලබා දෙනු ඇති බවයි. "මිනිසුන්ට එය සුරංගනා කතාවක් ලෙස දැකිය හැකියි. එය එසේ වීම ගැන මටත් සතුටුයි. මගේ අරගල ගැන මම සැමවිටම පෞද්ගලිකව සිටිමි" ප්‍රියංකා පවසන්නීය. ප්‍රියංකා චොප්රා අවසන් වරට රංගනයෙන් දැකගත හැකි වූයේ, ෆර්හාන් අක්තාර් සහ සයිරා වසීම් සමඟ එක්ව රඟපෑ 'ද ස්කයි ඊස් පින්ක්' චිත්‍රපටයෙනි. ඇය මීළඟට කීනු රීව්ස් සමඟින් 'මෙට්‍රික්ස් 4' චිත්‍රපටයට රංගනයෙන් දායකවීමට නියමිතයි.