කාටද අසූව?

ඔක්තෝබර් 29, 2020

ඉකුත් දවසක උපන් දින සාදයක් පැවැත්වුණා. ක්ෂේත්‍රයේ නම ගිය කලාකරුවන් රැසක් ඊට සහභාගි වී සිටියා. මේ තියෙන්නෙ එදින ගත්ත පින්තූරයක්. හොඳීන් බැලුවොත් පොඩි අවුලක් ඔබට පෙනෙයි. උපන්දින කේක් ගෙඩියේ ගහලා තියෙනවා ඉලක්කමක්. සාමාන්‍යයෙන් කේක් ගෙඩියේ ඉටිපන්දම් ප්‍රමාණයෙන් අපට ගම්‍ය වන්නේ උපන් දිනය සමරන කෙනාගේ වයස. ඒ වගේම වයස ඉලක්කමින් සඳහන් වන ඉටි පන්දම් එහෙමත් කේක් ගෙඩියේ රඳවනවා. මෙදිනත් ඒ සම්ප්‍රදායික ක්‍රියාපටිපාටිය එහෙම්මම සිද්ධ වුණා. හැබැයි අර මම කිව්ව වගේ පොඩි අවුලක් තියෙනවා. කේක් ගෙඩියේ රඳවලා තියෙන ඉලක්කම අසූව. හැබැයි වයස අවුරුදු අසූවක් සමරන කිසිම කෙනෙක් මෙතන හිටියේ නම් නැහැ. මේ පින්තූරේ දකින කෙනාටත් හිතාගන්ඩ බෑ මේ සමරන්නේ කාගේ උපන්දිනයක් ද කියලා. මේ පින්තූරය මූණුපොතට එක් කළ දයාන් විතාරණ අහන්නෙත් ඒ ප්‍රශ්නයමයි. අන්තිමේ අපි හොයා ගත්තා ඒ කාගේ උපන්දිනය ද කියලා. එඩ්වඩ් චරිතා පුතණුවන් චන්දූප ගේ උපන් දිනයයි මේ. කවුදෝ විහිළුවක් කරන්න හිතාගෙන 80 තියන ඉටි පන්දම් දෙකක් කේක් ගෙඩියේ රඳවලා. ඡායාරූපයකුත් ගත්තට පස්සේ තමයි දැක්කේ එහෙම දෙයක් කරලා තියනවා කියලා. කොහොම වුණත් මේක අපූරු පින්තූරයක් වුණා. නොදන්නා කෙනෙක් බැලුවොත් හිතාගන්ඩ බෑ මේ කාගේ උපන්දිනේදි ගත්ත පින්තූරයක් ද කියලා. මොකද වයස අවුරුදු අසූවක් වෙන කෙනෙක් මෙතන හිටියේ නැති හින්ද.