රුක්මණී වෙන්වී වසර 42ක්

ඔක්තෝබර් 29, 2020

රංගනයෙන් ගායනයෙන් අප සිනමාව එකලු කළාවූ රුක්මණී දේවිය අප අතරින් සමුගෙන ඊයේ එනම් ඔක්තෝබර් 28 වැනිදාට වසර 42ක් සපිරුණි. ඇය හදිසි අනතුරකින් මොලොවින් සමුගත්තේ 1978 ඔක්තෝබර් 28 දාය. 1923 ජනවාරි මස 15 දා උපත ලැබූ ඇගේ මුල් නම ඩේසි රාසම්මා ඩැනියෙල්ස් වුවද සිනමාවේ ජනප්‍රියත්වයට පත් වූයේ රුක්මණී දේවිය නමිනි. මෙරට කතානාද සිනමාවේ පළමු නිළිය හා ගායිකාව ලෙසට වාර්තා පොතට එක්වූ රුක්මණී දශක ගණනාවක් පුරා සිනමා කලාවේ රැඳී සිටිමින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළාය. ඇය ජීවත්ව සිටියානම් මේ වසරේ සමරන්නේ අනූ හත්වැනි උපන් දිනයයි.