දීපවාලි සමඟ නව නිවසට

නොවැම්බර් 19, 2020

තාප්සි පන්නු පසුගිය කාලය ගත කළේ තම මිතුරියන් සමඟ විනෝද චාරිකාවක නිරත වෙමිනුයි. එම කෙටි නිවාඩුවෙන් අනතුරුව ඇය නැවත දර්ශනතලයට පිවිස සිටී. ඇය මෙම මාසයේ දී චිත්‍රපට දෙකක රූගත කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර මෙවර දීපවාලි උත්සවය සමරමින් ඇගේ නව නිවසට ද පිවිසියා. සාමාන්‍යයෙන් ඇය දීපවාලි වැනි උත්සවයන්හිදී තම පවුලේ අය සමඟ කාලය ගත කිරීම සඳහා විශේෂ දිනයන් වෙන් කරන්නීය. "මේ වසර වෙනත් කිසිම වසරකට වඩා බෙහෙවින් වෙනස් වනු ඇත. කෙසේ වෙතත් මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මම මාස පහකට ආසන්න කාලයක් වැඩ නොකර සිටීම විශාල පසුබෑමක්. 'රශ්මි රොකට්' සහ 'ලූප් ලැපෙටා' ඉදිරියේදී රූගත කිරීමට සූදානම්. ඒ නිසා මෙම චිත්‍රපට අතර විවේකයක් ලැබෙනු ඇතැයි මම නොසිතමි. ඇත්ත වශයෙන්ම එය මින් පෙර කවදාවත් නොවූ වැඩ කරන දීපවාලියක් විය" තාප්සි පවසන්නීය.