අමතර කැලරි දහනය

නොවැම්බර් 26, 2020

කොරෝනා වෛරසය පැතිර යාම ඉන්දියාවේ ආරම්භ වූ දා සිට සිද්ධාර්ත් මල්හෝත්‍රා කාලය ගත කළේ දිල්ලියේ ය. ඔහු ගේ මීළඟ චිත්‍රපටය 'ශර්ෂා' මේ වන විට රූගත කෙරෙමින් පවතී. එහි ඔහු කියාරා අද්වානි සමඟින් රංගනයේ යෙදෙන අතර පරම් වීර් චක්‍ර සම්මානලාභී සහ හමුදා නායක වික්‍රම් භත්‍රාගේ චරිතය නිරූපණය කරයි.

චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළ ද ඔහු දීපවාලි උත්සවය සඳහා විවේකයක් ගත්තේ පවුලේ අය සමඟ කාලය ගත කිරීම වෙනුවෙනි. උත්සවය සැමරීම වෙනුවෙන් ඔහු ප්‍රණීත ආහාර රැසක් අනුභව කළ බවක් පෙනේ. මන්දයත් ඔහු පසුගියදා අන්තර්ජාලය වෙත ගියේ වැඩිපුර ආහාර අනුභව කිරීමෙන් ලද අමතර කැලරි දහනය කිරීම සඳහා නගරය වටා පාපැදි ධාවනයේ යෙදෙන බව සඳහන් කිරීමටයි.