දීර්ඝ විවේකය

නොවැම්බර් 26, 2020

සෝනම් කපුර්ටත් පසුගිය කාලය අනෙකුත් නව නිළියන්ට මෙන් විවේක කාලයක් වුණා. අනෙක් තරු මේ වන විට වැඩකටයුතු ආරම්භ කර තිබුණත් සෝනම් නම් තවමත් විවේකය ගත කරමිනුයි සිටින්නේ. සැමියා ආනන්ද් අහුජා සමඟ දිල්ලියේ සිටි ඇය මිට මාස කිහිපයකට පෙර ලන්ඩනයට පිටත්ව ගියා. මේ වන විට ඇය ඩුබායිහි විවේකයක් භුක්ති විඳීමින් සිටී. ඒ නිසා ඇයට සිය පවුලේ සාමාජිකයන් සමඟ දීපවාලි උත්සව සැමරීමටත් නොහැකි විය. නමුත් ඇය මෙවර දීපවාලී උත්සව සතුට බෙදා ගත්තේ පවුලේ සාමාජිකයන් සමඟ ගත් පැරණි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කරමිනි.මීට සතියකට පෙර සෝනම් බොලිවුඩයේ වසර 13 ක් සම්පූර්ණ කිරීම ගැන සිය අදහස් ද අන්තර්ජාලයට එක්කර තිබුණා. ඇය රිදි තිරයට පිවිසියේ රන්බීර් කපූර් සමඟ සංජේ ලීලා බන්සාලිගේ 'සාවරියා' චිත්‍රපටයෙනි. "අවුරුදු දහතුනක් ගතවී ඇත. විවිධ සංකීර්ණ චරිත, පුවත්පත් වාර්තා, උත්සව, සම්මාන දිනා ගැනීම, කර්මාන්තයේ වඩාත් දක්ෂ පුද්ගලයන් සමඟ වැඩ කිරීම වැනි දේ මෙම ගමනේ වඩාත් සතුටට කරුණක්. මා සමඟ වැඩ කළ අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන්, කාර්ය මණ්ඩලය සහ මගේ රසිකයන්ට ස්තූතියි" ඇය සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ සටහනක් තැබුවාය.