මූන්වයිට් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න

නොවැම්බර් 26, 2020

ඉන්දියාවේ මුම්බායි නගරයේදී පසුගිය 08 වෙනිදා නිමාව දුටු 03 වෙනි මූන්වයිට් ෆිල්ම්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී š (Moonwhite Films International Film Fest) අන්තර්ජාතික වෘත්තාන්ත සිනමාපට අංශය (Feature Film International)  යටතේ හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට “සුනාමි” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ආචාර්ය සෝමරත්න දිසානායක සමත් විය. එයට අමතරව අන්තර්ජාතික අංශය යටතේ වූ හොඳම චිත්‍රපටය' උදෙසා වූ නිර්දේශ නාමයන් අතරට එක්වීමටද “සුනාමි” චිත්‍රපටය සමත්වීම විශේෂත්වයක් විය.

2018 වසරේදී ආරම්භ කළ මූන්වයිට් උලෙළට ශ්‍රී ලාංකේය සිනමාපටයක් සුදුසුකම් ලද පළමු අවස්තාව මෙය විය. කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් ඔන්ලයින් සිනමා උලෙළක් ලෙසින් මෙවර උලෙළ පැවැත්වුණි. මෙහිදී “සුනාමි” සිනමාපටය ලද මෙම සම්මානය සමඟින් එම චිත්‍රපටය ලද අන්තර්ජාතික සම්මාන සංඛ්‍යාව හත දක්වා ඉහළ ගියේය.