බන්දු ගුණසේකර සමුගනී

නොවැම්බර් 26, 2020

පැරණි චිත්‍රපට නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ද වූ බන්දු ගුණසේකර පසුගිය දා අභාවප්‍රාප්ත විය. 1930 ජූලි 09 වැනිදා උපන් ඔහු සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂ මෙන්ම හොඳීන් ඉන්න සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. රදළ පිලිරුව, දොස්තර, දුප්පතාගේ දුක, සූරසේන, සන්දේශය, වීර විජය, සීගිරි කාශ්‍යප, ඔබ දුටුදා, තණ ගිරව් වැනි චිත්‍රපට රාශියකට රංගනයෙන් ද දායක වූ බන්දු මිය යන විට අනූවැනි වියේ පසු විය.