උපාලි පියරත්න අභාවප්‍රාප්ත වෙයි

නොවැම්බර් 26, 2020

චිත්‍රපට අධ්‍යක්ෂ උපාලි පියරත්න අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ තුනකි. වැඩ බැරිනම් වැඩක් නැහැ, රජෙක් වගේ පුතෙක්, සිහින විමානේ රාජ කුමාරි, බොඩි ගාඩ්, සුන්දරයි ආදරේ, ඇලඩින්ගේ වෑල්ඩින්, ආදී සිනමාපටයන් අධ්‍යක්ෂණය කළේ උපාලිය. යසපාලිත නානයක්කාර සහ සුනිල් සෝම පීරිස්ගේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසින් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ උපාලි සිය ජීවිතයේ සැඳෑ සමය ගතකළේ ඉතාලියේය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා එරටෙහි සිදුවිය.