වර්ෂ 2021 ක්වූ March 02 වැනිදා Tuesday
බෞද්ධ නිර්මාණකරුවන්ගෙන් නත්තල් ගීයක්

අසිරිමත් නත්තලේ තේමාව සහජීවනයයි. එය වඩාත් තහවුරු කරමින් බෞද්ධ නිර්මාණකරුවන් එකමුතුවෙන් නිර්මාණය වූ නත්තල් ගීතයක් පිළිබඳයි මේ පුවත. ජේසු ස්වාමි දරුවනේ යනුවෙන් නම් වන එය ගායනා කරනු ලබන්නේ ජනප්රිය ගායක දයාන් විතාරණ සහ දිනිති උපේක්ෂා රණවීරයි. ගීතයේ ගායනය, පද රචනය, සංගීත වීඩියෝවේ නිර්මාණය ඇතුළු සියලු වැඩ කටයුතු නිමකොට ඇති පිරිස බෞද්ධාගමිකයෝ වීම විශේෂත්වයකි. ජේසු ස්වාමි දරුවනේ ගීතයේ පද රචනය සුජීව රණවීරගෙනි. රවීන් රෝචන සහ කවිඳු කෝකිල සංගීතය නිම කොට තිබේ. දිලීක ගයන්ත ගීයේ වීඩියෝව නිර්මාණය කොට ඇත. මේ වන විට රූපවාහිනී නාළිකාවන්හී විකාශය වන ජේසු ස්වාමි දරුවනේ ගීතයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් සියලු සහයෝගයන් ලබා දුන් රවී සෙනවිරත්න සහ ගාමිනි පෙරේරා යන පියතුමන්ලාට විශිෂ්ට ස්තුතියක් පුද කරන බව නිර්මාණ කණ්ඩායම සරසවියට දන්වා සිටී.