තවත් නවක ගායිකාවක්

දෙසැම්බර් 24, 2020

නවක ගායිකාවක ලෙසින් ක්ෂේත්‍රයට අවතීර්ණව සිටින ඇය බෙත්මි නිහිංසා වීරතුංග

මම මගේ ප්‍රථම ගීතය ගයනා කළේ 2019 වසරේ. ගායිකාවක් වන්නට ආසාවෙන් හිටපු මම දෙරණ ඩ්‍රීම්ස්‍ටාර් තරගාවලියේ අට වැනි අදියරට සහභාගි වුණා. මට එහි අවසන් 58ට එන්න වාසනාව ලැබුණා. එතනින් අයින් වුණාට පස්සේ මගේ පියාගේ යහළුවෙක් විසින් මට ගීතයක් ගායනයට ඇරයුම් කළා. ඒක රචනා කළේ මට ගීතය ගයන්නට ඇරැයුම් කරපු ජයන්ති මාලා පෙරේරා විසින්. එහි ගී තනුව ලහිරු පෙරේරාගේ. තිසල් රන්දුනු සංගීතවත් කළා. තරංග වීරවර්ධනගේ අනුග්‍රහය ඇතුව මට එහි වීඩියෝව නිර්මාණය කරන්න හැකියාව ලැබුණාසඳ පහන් මෙන් නමැති එම ගීයෙන් පසුව මම ගායන ලෝකය තුළ අත්දැකීම් රැසක් ලැබුවා.

මගේ දෙවැනි ගීතය දෑස අග පිරි කඳුළු. එහි පද රචනය චරිත් සෙනියා සිරිවර්ධනගේ. තනුව අකිල බුවනක සහ සංගීතය මහිරු සේනාරත්න නිර්මාණය කරලාදුන්නා. ළඟදීම මේ ගීතය අසන්නට ලැබේවි. ඒවගේම බයිලා ගීතයකුත් මම ගයලා තියෙන්නේ. මේ දිනවල එවන් රිද්මයේ ගීත ඇසෙනවා අඩුයිනෙ. අනික මම ආස නැහැ එකම රාමුවක කොටු වෙලා ඉන්න. මම හිතනවා මේ නිර්මාණ.දෙක මගෙ සංගීත ජීවිතය වෙනසක් කරාවි කියලා. ආදර මගෙ බාරි තමයි ඒක. පද ලක්මාල් ප්‍රනාන්දුගෙ. සංගීතය මලීෂ දක්ෂිණ නිර්මාණය කළා. මම ඉගෙන ගත්තෙ නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන්. මම මුලින්ම සංගීතය හැදෑරුවේ අමිතා වැදිසිංහ මිස්ගෙන්. පසුව විශාරද දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ශිල්ප ශාලිකාවෙන් විශාරද දක්වා ඉගෙන ගත්තා. කසුන් කල්හාර සර් ගාව වොයිස් ට්‍රේනිං කරනවා. මගෙ

පවුලේ විස්තර කිව්වොත් අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නායි තමයි මගෙ පවුලේ ඉන්නෙ.