කොවිඩ් කළ දෙයක්

දෙසැම්බර් 31, 2020

රන්බීර් කපූර් සහ අලියා භාත් බොලිවුඩ් රසික රසිකාවන්ගේ ආදරය දිනූ පෙම් යුවලක්. දැන් බොහෝ දෙනෙක් අසන්නේ මේ දෙදෙනාගේ විවාහය ගැනයි. ඔවුන්ගේ ආදර කතාව ඇරඹුණේ බ්‍රහ්මස්ත්‍රා නම් චිත්‍රපටයේ දී කියලා තමයි කියවෙන්නේ. මේ දෙපළ තැන් කීපයකදීම එකට ඉන්නවා දැකපු මාධ්‍යය සහ රසිකයන් දෙදෙනාගේ විවාහය ගැන බොහෝ කට කතා පතුරලයි තිබුණේ. ළඟදි මාධ්‍යවේදියෙක් ඒ ගැන රන්බිර්ගෙන් ගෙන් මූණටම අහලා. රන්බීර් දීපු උත්තරේ හැමෝම පුදුමයට පත් කරපු එකක්. ඔහු පැවසුවේ කොවිඩ් වසංගතය නොආවා නම් ඔවුන් දැනටමත් විවාහක යුවලක් බවයි. මතුවට විවාහය කවද ද වෙන්නේ කියලත් ඔහුගෙන් නොඅසන ලෙසත් මාධ්‍යව්දියාගෙන් රන්බීර් ඉල්ලීමක් කරලා.