ඩොන්! ඩොන්! ඩොන් !

දෙසැම්බර් 31, 2020

ශාරුක් ඛාන් රඟපෑ ඩොන් සහ ඩොන්-2 චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට දෙකක්. මෙම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ ෆර්හාන් අක්තාර්. මෙම චිත්‍රපට වෙනුවෙන් ෆර්හානුත් ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ ඉහළ ආදර ගෞරව සම්මාන ලැබුවා. දෙවැනි චිත්‍රපටයෙන් පස්සේ තුන්වෙනි චිත්‍රපටයකුත් පැමිණෙන බවට නොයෙක් ප්‍රචාර මාධ්‍ය තුළ වාර්තා කළා. රසිකයන් මේ ගැන හිටියේ බොහොම උනන්දුවෙන්. කාලයත් එක්ක ඒ උනන්දුව පහව යද්දී ඩොන් 2 චිත්‍රපටයේ නව වෙනි සංවත්සරය දවසේ ෆර්හාන් තමන්ගේ ට්විටර් පිටුවේ විශේෂ යමක් සටහන් කළා.“සමහරවිට ඩොන්-3 චිත්‍රපටයක් ළඟදි එනවා වෙන්නත් පුළුවන්”.මේ ප්‍රකාශය දුටු ඩොන් රසිකයන් නොඉවසිලිමත් වෙලා කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි.