යළි එක්වීම

දෙසැම්බර් 31, 2020

බොලිවුඩ් නිර්මාණවලටත් දායක වෙලා තියෙන ධනුෂ් දමිළ සිනමාවේ ජනප්‍රිය නළුවෙක්. ලබන වසරේ පෙම්වතුන්ගේ දිනයට නිකුත් කිරීමට නියමිත අත්‍රංගි රේ හින්දි චිත්‍රපටයට ඔහු දායක වන්නේ අක්ෂේ කුමාර් සහ සාරා අලි ඛාන් සමඟින්. එයින් පසු එන චිත්‍රපටයෙන් ඔහු පැමිණෙන්නේ තමන්ගේ සහෝදරයා සෙල්වරාග්වන් සමඟින් බව සඳහන්. මේ චිත්‍රපටයට සම්බන්ධ වන ධනුෂ්, සෙල්වා සහ අර්වින්ද් යන තිදෙනාම සිනමා ජීවිතය ආරම්භ කරලා තියෙන්නේ 2002 වසරේ තිරගත වුණු තුල්ලුවාතෝ ඉලමයි කියන නිර්මාණයෙන්. එහි තිරරචනය කළේ සෙල්වරාග්වන් විසින්. ඉතින් ධනුෂ් තමන්ගෙ ට්විටර් පිටුවේ ආඩම්බරයෙන් සඳහන් කරලා තියෙනවා ඔන්න අපි හැමෝම නැවතත් එකතු වෙලා කියලා.