3 idiots තමයි

දෙසැම්බර් 31, 2020

ආර්. මාධවන් රංගන ශිල්පියා ළඟදි මෙන්න මෙහෙම සඳහන් කරලා. “2009 ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කර ගත් 3 ඪඤඪධබඵ චිත්‍රපටය තමයි මම ඕනම තැනකට ගියාම දෙන විසිටින් කාඩ් එක. මගේ වෘත්තීය ජීවිතයේ ගැන මට දෙන්න පුළුවන් හොඳම සහතිකය තමයි එම චිත්‍රපටය.”මෙම චිත්‍රපටය මේ දෙසැම්බර් 25 වැනිදාට තමන්ගේ අවුරුදු 11 සම්පූර්ණ කරනවා. මාධවන් මෙහෙම කියලා තියෙන්නේ එම චිත්‍රපටයට කරන ගෞරවයක් වශයෙන්. චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කිරීම ගැන ආඩම්බරයකුත් එක්ක.

“මම මේ චිත්‍රපටයට විශේෂ ළැදිකමක් දක්වනවා. ඒ මොකද කියනවා නම් ඒක මගේ වෘත්තිය ජීවිතයට වගේම ලොව පුරා වෙසෙන තරුණ තරුණියන්ගේ ජීවිතවලටත් ලොකු බලපෑමක් කරපු චිත්‍රපටයක්. හින්දි දන්නා නොදන්නා තරුණ තරුණියෝ ගොඩක් මේ චිත්‍රපටය නරඹලා තියනවා” මාධවන් වැඩිදුරටත් පවසනවා. චිත්‍රපටයේ, මාධවන් පණ පොවන්නේ කැමරා ශිල්පියෙක් වීම බලාපොරොත්තුව වුවත් තමන්ගේ පියාගේ උවමනාව නිසා ඉංජිනේරු ශිල්පය හදාරන තරුණයෙකුගේ චරිතයකට. ඒ චරිතය තමන්ගේ පියා සමඟ වන දෙබසක් මතක් කරලා මාධවන් පවසන්නේ හැම තරුණ තරුණියක්ම ස්වකීය නිදහස වෙනුවෙන් තමන්ගේ පියා හෝ මව සමඟ මෙවැනි දෙබසක් ජීවිත කාලයේ කවදා හෝ ඇති කර ගනීවි කියලායි.