ක්‍රිෂ් සහ වොන්ඩර් වුමන්

දෙසැම්බර් 31, 2020

ගැල් ගැඩොට් ප්‍රධාන චරිතයට පණ පොවනwonder woman 1984 චිත්‍රපටය දැන් තිරගත වෙනවා. බොලිවුඩ් නළු රිතික් රෝෂන් මෙය නරඹලා තමන්ගේ ට්විටර් පිටුවේ මෙහෙම සඳහනක් කරලා තියෙනවා.“අද මං මේ බැලුව විතරයි WW84.නියම අත්දැකීමක්. ගැල් ගැඩොට් අතින් මගේ කුඩා කල ආදරවන්තිය, වීරවරියට නියම සාධාරණයක් ඉටුවෙලා තියෙනවා. විශාල අයිමැක්ස් තිරයේ නැරඹුවා. ඊට වැඩි අත්දැකීමක් නෑ. ගැල් ගැඩට්හට ස්තූතිවන්ත වෙන්න ඕනේ නියම වොන්ඩර් වුමන් කෙනෙක් වීම ගැන”.

මෙය දුටු වොන්ඩර් වුමන්ට රඟපෑ ගැල් ගැඩොට් ද එයට පිළිතුරක් සටහන් කරලා. “ඔබ ඒක ප්‍රිය කරපු එක ගැන සතුටුයි. ඔබටත් ඔබගේ පවුලේ අයටත් Happy Holydays!”.ගැල් ගැඩොට් රඟපාන වොන්ඩර් වුමන් චරිතයේත් රිතික් රඟපෑ ක්‍රිෂ් චරිතයේත් එක හා සමාන වීරත්වයක් තියෙන බවයි රිතික්ගේ බොහෝ රසිකයන් ඔහුගේ ට්විටර් පිටුවේ සඳහන් කරලා තියෙන්නේ.