කාර්යබහුල 2021

ජනවාරි 7, 2021


 
 ශ්‍රී ලාංකික සුරූපිණියක වන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් මේ වන විට බොලිවුඩය දිනූ තරුවකි. 2009 වසරේදී සන්ජෝයි ගෝෂ්ගේ 'ඇලඩින්' චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි ඇය දැන් කාර්යබහුල නිළියක්. 2021 වසර ආරම්භවීමට පෙර ඇය යමි ගෞතම්, සයිෆ් අලි ඛාන් සහ අර්ජුන් කපූර් සමඟ 'භූත් පොලිස්' චිත්‍රපටයේ රූගත කිරීම් කරමින් සිටියාය. 2021 වසර ආරම්භය සමඟ සමඟ ජැක්ලීන් පවසන්නේ මෙම ජනවාරි මාසයේ ඇයට එක නිවාඩු දිනයක්වත් නොමැති බවයි.
 වසර ආරම්භයත් සමඟ ජැකලින් රෝහිත් ෂෙට්ටිගේ 'සර්කස්' චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ගිය අතර ජනවාරි මැද භාගය වන තෙක්ම එය සිදුකිරීමට නියමිතව ඇත. අක්ෂේ කුමාර් සමඟ 'බච්චන් පාණ්ඩේ' වෙනුවෙන් සහ සල්මාන් ඛාන් සමඟ 'කික් 2' සඳහාත් ඇය රඟපෑමෙන් දායකවීමට නියමිතව ඇත.