සතුට ගෙන ආ චරිත

ජනවාරි 7, 2021

 
 ෆාතිමා සානා ෂෙයික් මීට වසර හතරකට පෙර 'දංගල්' චිත්‍රපටය සමඟින් රසිකයන් හා විචාරකයන්ගේ සිත් දිනා ගැනීමට සමත් වුවාය. එතැන් පටන් ගත වූ කාලය තුළ සිය රංගන කටයුතු මන්දගාමි වුවත් අධෛර්යයට පත් නොවන බව ඇය පවසන්නීය. තම චරිත නිරූපණය ගැන ඇය සතුටු වන අතර මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, තම භූමිකා පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඉක්මන් නොවන බවයි. තවද ඇය සෑම අවස්ථාවකදිම 'දංගල්' චිත්‍රපටයේ රූගත කිරීම් ඉතා ආදරයෙන් සිහිපත් කරන්නීය.


 සති කිහිපයකට පෙර ඇගේ මුම්බායි නිවසේ ගින්නක් ඇති විය. ඇය සිය ඉන්ස්ටග්‍රම් පිටුවේ ඒ පිළිබඳ ප්‍රවෘත්තිය බෙදාහදා ගත් අතර කඩිනම් හා කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව මුම්බායි ගිනි නිවන හමුදාවට ස්තූති කළාය. පසුගිය වසරේදී ෆාතිමා සානා අනුරාග් බාසුගේ 'ලුඩෝ' සහ අභිෂේක් ෂර්මාගේ 'සුරාජ් පෙ මංගල් භාරි' චිත්‍රපටවලින් දැකගත හැකි විය.